S M I B

The State Mortgage and Investment Bank (SMIB) is one of the most established
financial institutions in Sri Lanka.

 සඳුදා - සිකුරාදා : 8:30am – 3:30pm 

 1922 

 info@smib.lk 

 En  |  தமி

"මුතුසිනා" ළමා ඉතුරුම් ගිණුම ඔබේ දරුවාට මුදල් ඉතිරි කිරීමේ වැදගත්කම ඉගෙන ගැනීමට කදිම අවස්ථාවක් ලබා දෙයි. SMIB "මුතුසිනා" ළමා ඉතුරුම් ගිණුම දරුවන්ගේ ඉතිරිකිරීමේ පුරුදු දිරිමත් කිරීමට සහ ආකර්ෂණීය ත්‍යාග ලබා දීමට සැලසුම් කර ඇත. හෙට ඔබේ දරුවන් සිනහවකින් සවිබල ගන්වන්න, ඉතිරිකර වටිනා තෑගි ලබා ගන්න

SMIB හි ගිණුමක් විවෘත කරන්න

ඔබගේ මූල්‍ය ඉලක්ක සාක්ෂාත් කරගන්න. SMIB සමඟ ඔබගේ ගමන ආරම්භ කරන්න

සුවිශේෂතා සහ ප්‍රතිලාභ

  • 5% ක සුවිශේෂ පොලී අනුපාතයක් සහිත විශ්මිත තෑගී ක්‍රමය.
  • වයස අවරුදු 13 දක්වා ගිණුම් ශේෂය මත ආකර්ශණීය ත්‍යාග.
  • 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ, සහ අ.පො.ස. උසස් පෙළ විභාගවලදී දරුවාගේ දක්ෂතා වෙනුවෙන් විශේෂ ත්‍යාග.
  • දරුවාට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ වහාම "මුතුසිනා" ගිණුම සාමාන්‍ය ඉතුරුම් ගිණුමක් බවට ස්වයංක්‍රීයව පරිවර්තනය කිරීම.

සුදුසුකම

  • වයස අවුරුදු 18 ට අඩු දරුවන් සඳහා වයස අවුරුදු 18 ට වැඩි දෙමාපියන්ට හෝ භාරකරුවෙකුට (ශ්‍රී ලාංකික පුරවැසියෙකුට) ගිණුම විවෘත කළ හැකිය.
  • ගිණුම ආරම්භ කිරීම සඳහා රුපියල් 500 ක මූලික තැන්පතුවක්.

** තෑගි යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ලැබීමට වයස අවුරුදු 13ට හෝ ඊට පෙර දරුවන් සඳහා ගිණුම් විවෘත කළ යුතුය.


අවශ්‍ය ලිපි ලේඛන

  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පතක්.
  • දරුවාගේ උප්පැන්න සහතිකය / ගමන් බලපත්‍රය.
  • ජාතික හැඳුනුම්පත/ විදේශ ගමන් බලපත්‍රය/ රියදුරු බලපත්‍රය හෝ දෙමාපිය/භාරකරු/ ප්‍රතිලාභියාගේ පිළිගත හැකි හැඳුනුම්පත.
  • පදිංචි ලිපිනය ස්ථාපිත කිරීම සඳහා මෑත කාලීන උපයෝගිතා බිල්පතක/ බැංකු ප්‍රකාශයක පිටපතක්.



විශේෂ ත්‍යාග යෝජනා ක්‍රමය

ත්‍යාග යෝජනා ක්‍රමය – අ.පො.ස. සාමාන්‍ය පෙළ, සහ අ.පො.ස. උසස් පෙළ විභාග

  • 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය –5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා ලකුණු 180 ට වඩා ලබා ගන්නා අයට රුපියල් 7500 ක මුදලක් බැර කෙරේ. මෙය සියලුම ශාඛා සඳහා වලංගු වේ. මෙම ශිෂ්‍යත්වය සඳහා සුදුසුකම් ලැබීමට ශිෂ්‍යත්ව විභාගයට පෙර වසර 01ක් සඳහා රුපියල් 15,000 ක අවම ශේෂයක් පවත්වා ගත යුතුය.
  • අ.පො.ස. සාමාන්‍ය පෙළ – සාමාන්‍ය පෙළ විභාගයට A 9ක් ලබාගත් අය සඳහා රුපියල් 10,000 ක මුදලක් ගිණුමට බැර කෙරේ. මෙම ශිෂ්‍යත්වය සඳහා සුදුසුකම් ලැබීමට නම්, රුපියල් 75,000 ක අවම ශේෂයක් පවත්වා ගත යුතුය. සාමාන්‍ය පෙළ විභාගයට පෙර වසර 02ක් ගිණුමේ අවම ශේෂය පවත්වාගෙන යා යුතුය.
  • අ.පො.ස. උසස් පෙළ – උසස් පෙළ විභාගය සඳහා සෑම විෂය ධාරාවකම හොඳම සිසුන් 3 දෙනා සඳහා රුපියල් 25,000 ක මුදලක් ගිණුමට බැර කෙරේ. එක් එක් දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් තරාතිරම අනුව මෙය ලබා දෙනු ඇත. මේ සඳහා සුදුසුකම් ලැබීමට නම්, උසස් පෙළ විභාගයට පෙර වසර 02ක් සඳහා ගිණුමේ රුපියල් 100,000 ක අවම ශේෂයක් පවත්වා ගත යුතුය.

කොන්දේසි සහිතයි
වැඩි විස්තර සඳහා, ළඟම SMIB ශාඛාවට හෝ 1922න් අපගේ දුරකතන මධ්‍යස්ථානයෙන් අප අමතන්න.

තැන්පතු යෝජනා ක්‍රමය සඳහා ත්‍යාග

  • තෑගී භාණ්ඩ බැංකුවේ අභිමතය පරිදි වෙනස් කිරීමට යටත් වේ.
  • තෝරාගත් අයිතම සඳහා තෑගි වව්චර් පිරිනමනු ලැබේ.

ඉතුරුම් තැම්පතු අනුපාත

වැඩි විස්තර 

අයැදුම්පත් සහ පෝරම

වැඩි විස්තර 



ඔබේ අදහස් යොමුකරන්න

කරුණාකර ඔබගේ විස්තර, අදහස් හෝ විමසීම් පහත පෝරමයෙන් අප වෙත යොමු කරන්න. අපගේ කණ්ඩායම ඔබගේ පණිවිඩය සමාලෝචනය කර ඉක්මනින් ඔබට සහාය වනු ඇත.

සබැඳි

SMIB අපූර්වා

SMIB Apoorva කාන්තා ගිණුම සමඟ මූල්‍ය ස්වාධීනත්වය සඳහා පළමු පියවර ගන්න. එය ඔබගේ අභිලාෂයන් වෙනුවෙන් කැපවීමක්, තවත් ඉතිරි කිරීමට පොරොන්දුවක්...

වැඩි විස්තර  

SMIB මැක්ස් සේවර්

ප්‍රතිලාභ උපරිම කරන්න, සීමා අවම කරන්න - ඔබේ පහසුව අනුව මුදල් ආපසු ගැනීමේ නිදහස සමඟ ඉහළ ප්‍රතිලාභ. නිවැරදි ස්ථානයේ ඥානවන්තව...

වැඩි විස්තර  

සාමාන්‍ය ඉතුරුම් ගිණුම්

ඔබේ පුද්ගලික බැංකු අවශ්‍යතා සපුරාලන අපගේ ඉතුරුම් ගිණුම් විකල්ප සමඟින් ඔබේ ඉතුරුම් ඉලක්ක සපුරා ගන්න. SMIB ඉතුරුම් ගිණුම සමගින්, ඔබට...

වැඩි විස්තර  

සරණි - ළමා ඉතුරුම් ගිණුම්

ඉතිරි කිරීමට සහ අනාගතය සඳහා සූදානම් වීමට ඔබේ දරුවන්ට උගන්වන්න.

වැඩි විස්තර  

How Can We Help

ගාස්තු සහ අනුපාත

ඉතුරුම් තැම්පතු අනුපාත

 

Visit Us In

අංක 269, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව.

Call Us To

පොදු සේවා: 011-7722722-3

ෆැක්ස්/දුරකථන: 011-2575031

දැන්ම අප සබ්ස්ක්‍රයිබ් කර අපගේ නවතම තොරතුරු දැනගන්න

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සබ්ස්ක්‍රයිබ් කළ සාමාජිකයෙකු වීමෙන් ඔබට අපගේ නවතම තොරතුරු ලබාගැනීමට මෙන්ම සුවිශේෂ වාසි හිමි කරගැනීමට අවස්ථාව උදාවෙයි.