Latest News
ලංකාවේ ජේෂ්ඨතම රාජ්‍ය බැංකුවේ නව සභාපතිතුමන් වැඩ භාරගැනීම
දශක 9කට ආසන්න කාලයක් සමස්ථ ශ්‍රී ලාාංකීය ජනතාවටම එක ලෙස අඛණ්ඩව මුල්‍ය සේවා සපයන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ අභිනව සභාපතිවරයා ලෙස වරලත් ගණකාධිකාරී ආචාර්ය උදයශ්‍රී කාරියවසම් මහතා නොබෝදා වැඩ භාරගත්තේය.
මුල්‍ය ක්ෂේත්රයේ ප්‍රමාණික විද්වතෙකු වන උදයශ්‍රී කාරියවසම් මහතා ලංකා බැංකුවේ සභාපති, විදුලිබල මණ්ඩලලේ සභාපති, මෙන්ම කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ආදී රජයේ තනතුරු ගණනාවක් හොබවා ඇත. විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු මෙන්ම ගත්කතුවරයෙකුද වන ඒ මහතා ඇමරිකාව,ඔස්ට්‍රේලියාව ආදී රාජ්‍යන්හි විශ්ව විද්‍යාල මඟින් මුල්‍ය කළමනාකරණය පිළිබඳ හසල ප්‍රාමාණික දැනුම් සම්භාරයක් ලබාගත් විද්වතෙකි.
මෙම උත්සවය සඳහා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ නව අධයක්ෂ මණ්ඩල සාමාජිකයින්, ප්‍රධාන විධායක නිලධාරිතුමන් ඇතුළු ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන් සිදු විය.