S M I B

The State Mortgage and Investment Bank (SMIB) is one of the most established
financial institutions in Sri Lanka.

 සඳුදා - සිකුරාදා : 8:30am – 3:30pm 

 1922 

 info@smib.lk 

 En  |  தமி

‘කප්රුක අයෝජන’ණය ක්‍රමය පොල් වගාවන්ට සහ පොල් වගා බිම් සම්පූර්ණ ගොවිපොළ ඒකක ලෙස සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය සහය සපයනු ලබන අතර එහිදී අධික ඵලදායිතාවයක් හා ඉහල නිශ්පාදන මට්ටමක් පවත්වා ගැනීම සඳහා අවශ්‍යවන එකාබද්ධ ගොවිතැන් ක්‍රම භාවිතා කරනු ලබයි. මෙය පොල් වගා බිම් සංවර්ධනය සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍රවල ආයෝජන ප්‍රාග්ධනය සැපයීම සඳහා පොල් වගා මණ්ඩලය (CCB) මගින් දියත් කළ ණය ප්‍රතිපත්තියකි.

SMIB හි ගිණුමක් විවෘත කරන්න

ඔබගේ මූල්‍ය ඉලක්ක සාක්ෂාත් කරගන්න. SMIB සමඟ ඔබගේ ගමන ආරම්භ කරන්න

‘කප්රුක අයෝජන’ ණය ප්‍රතිපත්තියේ මූලික ලක්ෂණ:

  • උපරිම ණය මුදල – රු. 10 මිලියන දක්වා
  • ණය පියවීමේ කාල සීමාව - උපරිම 18 මාස කලකිරීම් සහිතව වසර 5ක් දක්වා
  • පොලී අනුපාතය - වාර්ෂිකව 8.00%

සුදුසුකම්

ණය සැපයීමට අනුමත ක්ෂේත්‍ර:

  • අන්තර් වගාව සමගින් සිදුකරන නව පොල් වගාවන්, පාංශු සංරක්ෂණය, පොහොර දැමීම සහ නඩත්තුව, වගා හානි පාලනය (වගා සංරක්ෂණය)
  • අන්තර් වගාව සමගින් නැවත සිදුකරන පොල් වගාවන්, පාංශු සංරක්ෂණය, පොහොර දැමීම සහ නඩත්තුව, වගා හානි පාලනය (වගා සංරක්ෂණය)
  • පොල් වගාව පදනම් කරගත් ගොවිතැන තුල අන්තර් වගාව, පාංශු සංරක්ෂණය, පොහොර දැමීම හා නඩත්තුව, සහ වගා හානි පාලනය (වගා සංරක්ෂණය)
  • පොහොර දැමීම, කොළ රොඩු වැස්ම සැකසීම, පාංශු සංරක්ෂණය, ආවරණ වගා පිහිටුවීම, අතිරික්ත පැල ඉවත්කිරීම, නැවත වගා කිරීම සහ වගා හානි පාලනය (වගා සංරක්ෂණය)
  • පොල් වගාව පමණක් සිදු කරනු ලබන අවස්ථා, පාංශු සංරක්ෂණය, පොහොර දැමීම, කොළ රොඩු වැස්ම සැකසීම සහ වගා හානි පාලනය (වගා සංරක්ෂණය)
  • අන්තර් වගාවන් සමග සිදුකරන පොල් වගා සඳහා අවශ්‍ය කෘෂි ලිං, නල ලිං, ගැඹුරු ලිං, ජල පොම්ප සහ ඩ්‍රිප් පද්ධති පිහිටුවීම.
  • අන්තර් වගාවන් සමග සිදුකරන පොල් වගා සඳහා අවශ්‍ය කෘෂි ලිං, නල ලිං, ගැඹුරු ලිං, නල යොදා සිදු කරනු ලබන ජල සැපයීම් පිහිටුවීම.
  • අන්තර් වගාවන් සඳහා අවශ්‍ය වන පැල සැපයීමට අවශ්‍ය පැල තවාන් පිහිටුවීම සහ නඩත්තුව
  • පොල්-අන්තර් වගාවන් සඳහා අවශ්‍ය වගා යන්ත්‍ර සැපයීම.
  • ගව ගාල් ස්ථාපනය, ගොවිපොළ සතුන් සහ උපාංග මිලදී ගැනීම.
  • එළු/බැටළු ගාල් ස්ථාපනය, ගොවිපොළ සතුන් සහ උපාංග මිලදී ගැනීම.
  • පොල් වගා බිම් වල වගා හානි පාලන (වගා සංරක්ෂණ) ක්‍රම ස්ථාපනය.
  • පොල් වගාව මුලික කරගත් වගාක්‍රම සඳහා වන විශේෂ ව්‍යාපෘති ණය පහසුකම පහත පරිදිය:
    • අක්කර 50 ට වැඩි ව්‍යාපෘති
    • A සිට L දක්වා වන ඛාන්ඩයෙන් පිටත ව්‍යාපෘති
    • ව්‍යාපෘතියේ ශක්‍යතාව පිළිබඳ තාක්ෂණික කමිටුවක් මගින් ඇගයීමකට ලක් විය යුතුය.




ඉතුරුම් තැම්පතු අනුපාත

වැඩි විස්තර 

අයැදුම්පත් සහ පෝරම

වැඩි විස්තර 



ඔබේ අදහස් යොමුකරන්න

කරුණාකර ඔබගේ විස්තර, අදහස් හෝ විමසීම් පහත පෝරමයෙන් අප වෙත යොමු කරන්න. අපගේ කණ්ඩායම ඔබගේ පණිවිඩය සමාලෝචනය කර ඉක්මනින් ඔබට සහාය වනු ඇත.

ව්‍යාපාර සංවර්ධන සැලසුම්

තනි පුද්ගල සහ ආයතනික ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර දිගටම කරගෙන යාමට හෝ වැඩිදියුණු කිරීමට අවශ්‍ය අරමුදල් සැපයීමට මෙය නිර්මාණය කර ඇත....

වැඩි විස්තර  

ක්ෂ්‍රදු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය(MSME) විශේෂ ණය

ව්‍යාපාරයක් දියත් කිරීමට හෝ පවතින ව්‍යවසාය පුළුල් කිරීමට මූල්‍ය විසඳුම් සපයන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSMEs) සඳහා විශේෂ...

වැඩි විස්තර  

MSME/SME ක්ෂේත්‍රය නැවත සවිබල ගැන්වීම

ශ්‍රී ලංකා රජයේ හවුල් කාරීත්වය සහිත 'SME එනර්ජයිසර්' ණය ප්‍රතිපත්තියේ අරමුණ වන්නේ රට පුරා ඇති කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරවලට...

වැඩි විස්තර  

SMIB ධීවර දිරිය

මිරිදිය හා කරදිය ආශ්‍රිත ධීවර කර්මාන්තය, විසිතුරු මසුන් කර්මාන්තය සහ ජලජ ජීවී වගාව සිදුකරන ඔබ සැමට අපගේ විශේෂිත ණය තුලින්...

වැඩි විස්තර  

SMIB ECO (SMIB පාරිසරික ප්‍රවර්ධන වැඩසටහන)

වැඩි විස්තර  

SMILE III ආවර්ත අරමුදල

කුඩා හා සුළු කර්මාන්ත නායකත්ව හා ව්‍යවසායක ප්‍රවර්ධන ව්‍යාපෘතිය 111 RF - ආවර්ත මුල්‍ය ආධාර ණය යෝජනා ක්‍රමය

වැඩි විස්තර  

How Can We Help

ගාස්තු සහ අනුපාත

ඉතුරුම් තැම්පතු අනුපාත

 

Visit Us In

අංක 269, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව.

Call Us To

පොදු සේවා: 011-7722722-3

ෆැක්ස්/දුරකථන: 011-2575031

දැන්ම අප සබ්ස්ක්‍රයිබ් කර අපගේ නවතම තොරතුරු දැනගන්න

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සබ්ස්ක්‍රයිබ් කළ සාමාජිකයෙකු වීමෙන් ඔබට අපගේ නවතම තොරතුරු ලබාගැනීමට මෙන්ම සුවිශේෂ වාසි හිමි කරගැනීමට අවස්ථාව උදාවෙයි.